පාසලේ ඉතිහාසය

විශේෂ නිවේදනයක්.

6-11 ශ්‍රේණි සදහා වූ පුරප්පාඩු.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.

වර්ෂ 1934 ජුලි 28 වැනි දින බඩල්කුඹුර ගම්මානයේ පැරණි ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ  ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ එම්. සේනානායක මහතාාය එතුමන් සමග තවත්  ගුරු භවතුන් 02 නෙකු දරුවන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන්ම ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත. පාසලේ මුල්ම ශිෂ්‍යයාන් 20 දෙනෙකු වූ අතර ඉක්මනින් සිසුන් පාසලට එක් වූ බැවින් 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කර ඇත. ආරම්භයේදී එක් ගොඩනැගිල්ලක් පමණක් වූ අතර සිසුන්ට වන්දනාමාන කිරීම සදහා විහාර මන්දිරයක්ද ඉදිකරවා ඇත.

1934 වර්ෂයේදී ආරම්භ වූ මො/නිනිශ්ක මධ්‍ය මහා විද්‍යාලය ඉතා දිගු උරුමකම් කියන පාසැලකී ප්‍රාථමික විද්‍යාලත් ලෙස ආරම්භ වූ මෙම විද්‍යාලය 1964 වර්ෂය පමණ වන විට මහා විද්‍යාලයක් බවට පත්ව ඇත ඉන් පසුව 1993 වර්ෂයේදී මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් වූ අතර වර්තමානය වන විට 1AB වර්ගයේ පාසලක් දක්වා සංවර්ධනය වී ඇත. මෙම පාසල දැනට බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවතින එකම ජාතික පාසල වේ. මෙම විද්‍යාලය ආරම්භයේදී ස්ථාපනය කර තිබී ඇත්තේ වර්තමානය වන විට බඩල්කුඹුර නගරයේ පුස්තකාල ගොඩනැගිල්ල පිහිටි පරිශ්‍රය තුළය. පසුව මෙය වර්තමානය වන විට පාසල පිහිටි පරිශ්‍රය වෙත ගෙන ගොස් ඇත පාසල ආරම්භ කිරීම සඳහා පුරෝගාමී වූවන් ලෙස පූජ්‍ය බඩල්කුඹුරේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ සහ කනවැරැල්ල මහතා හඳුන්වා දිය හැකිය. එවකට එක් ගොඩනැගිල්ලක ආරම්භ කරන ලද විද්‍යාලය මේ වන විට ගොඩනැගිලි 35කින් පමණ සමන්විත ප්‍රදේශයේ ජනප්‍රිය පාසල බවට පත්ව ඇත. එමෙන්ම ආරම්භයේ ළමුන් විස්සක් පමණ ඇති අතර වර්තමානය වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 1928ක් පමණ වේ. මෙම විද්‍යාලයේ ආරම්භක විදුහල්පති ලෙස කටයුතු කර ඇත්තේ එම්. සේනානායක මහතාය වර්තමානය වන විට මෙම විද්‍යාවලයේ විදුහල්පතිවරු විසිහය දෙනෙක් පමණ සේවය කර ඇත. වර්තමාන විදුහල්පති ලෙස කටයුතු කරන්නේ  J.M.S.B ජයවර්ධන මහතාය එතුමාගේ මනා කළමනාකාරිත්වය ඔස්සේ මේ වනවිට පාසල සෑම අංශයකින්ම පාහේ ඉදිරි ගමනක් යමින් සිටි .

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමන්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මුලින්ම පිහිටවූ මධ්‍ය මහා විද්‍යාල අතරට අප පාසලද එක්වීම සුවිශේෂත්වයකි. ඒ සමගම ග්‍රාමීය විවිධ දක්ෂතාවලින් පිරිපුන් සිසුන් අප පාසලට එකතු වූ අතර අධ්‍යාපනයේ ද කැපී පෙනෙන වර්ධනයක් එම යුගයෙන් පසුව ඇති විය. පාසලේ සිසුවෙකු මුල් වතාවට විශ්වවිද්‍යාල වරම් හිමි කරගැනීමට 1971 වසරේ සමත් වූ අතර ඉන් පසුව වාර්ෂිකව විදුහලෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබූ සිසු සංඛ්‍යාව ද ඉහළ ගියේ ප්‍රදේශයටද විදුහලේ කීර්ති නාමයටද තවත් වටිනාකමක් එක් කරමිනි. එදා මෙදා තුර පාසලෙන් බිහිවූ විද්‍යාර්ථයින් රටේ විවිධ උසස් තැන්වල තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් ඉටුකර ඇති අතර, එය විද්‍යාලය ලැබූ ඉහළම ගෞරවය ලෙසද සදහන් කළ යුතුය.

වර්ෂ 1990 න් පසු විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය. විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීක අංශය වශයෙන් ක්‍රියාත්මක වූ අතර අද වන විට 6-13  ශ්‍රේණි පමණක් පැවැත් වේ. තවද විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.

2006 වර්ෂයේ සිට ද්වි භාෂා පන්ති ආරම්භ කරමින් ගණිතය, විද්‍යාව  6 - ශ්‍රේණි සදහා පවත්වාගෙන යාමට හැකි වීම විද්‍යාලය ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. තවද මේ වන විට භූගෝල විද්‍යාව,පුරවැසි අධ්‍යාපනය,තොරතුරු සන්නිවේදන තාක්ෂණය, සෞඛ්‍ය  හා ශාරීරික අධ්‍යාපනය,යන විෂයන්ද මේ වන විට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඒ ඉගැන්වීම් සිදුකෙරේ. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, පාසල් දෘඩාංග කණ්ඩායම, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව  ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි. 2013 වර්ෂයේ තාක්ෂණ විෂය ධාරාව යටතේ උසස් පෙළ ආරම්භ කිරීම මෙන්ම නව තාක්ෂණ ගොඩනැගිල්ලක් ඉදිකිරීම ද පාසල ලද උසස් ජයග්‍රහණයකි.

2015.06.22 දින මෙතෙක් පාසලට විශාල අඩුපාඩුවක්ව පැවැති තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒකකය මහින්දෝදය විද්‍යාගාරය පාසල තුළ ස්ථාපිත වීම ද පාසලේ ගුණාත්මක භාවය ඉහළ මට්ටමට ගෙන යාම සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත් වී තිබේ.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 95 ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 34කින් සමන්විතය. 1928 පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "අභියෝගයෙන් අභිමානයට" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2025 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

ආරම්භ කළ වර්ෂය

1934 ජුලි 28

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

2

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

20

මුල් ගුරුතුමාගේ නම

එම්. සේනානායක මහතා

පාසලේ ආදි කතෘගේ නම

කනවැරැල්ල මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

බඩල්කුඹුර  විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

එම්. සේනානායක මහතා

පාසල රජයට පවරාගත් දිනය

1934 ජුලි 28

පාසල පැවැත්වූ ස්ථානය

බඩල්කුඹුර  පැරණි ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල

ප්‍රථම ිෂ්‍යයා භාරගත් වකවානුව

1934 ජුලි